| 1. | පළමුව බුදුන් | වැඳ |
| | දෙවනුව දෙසු දහම් | වැඳ |
| | මහ සඟරුවන් | වැඳ |
| | පටන් ගනිමුව ගණදෙවිඳු | වැඳ |
| 2. | ගණපති සුරන් | වැඳ |
| | ගුරුවර පහත් බැස | වැඳ |
| | දෙගුරුන් නැමී | වැඳ |
| | ඉඳුව වන පොත් දී පොතට | වැඳ |
| 3. | බුත් සරණා | වදනින් |
| | දම් සරණා | වදනින් |
| | සඟ සරණා | වදනින් |
| | මෙතුන් සරණා | වදනින් |
| 4. | සම්මා සම්බුත් සරණා | වදනින් |
| | නව ලොවුතුරු දම් සරණා | වදනින් |
| | පිවිතුරු සවු සඟ සරණා | වදනින් |
| | පැවතුම් මේ තුන් සරණා | වදනින් |
| 5. | උතුමා නිති බුත් සරණා | වදනින් |
| | පවරා සදහම් සරණා | වදනින් |
| | සෙතදා මහ සඟ සරණා | වදනින් |
| | උවදුරු හර තුන් සරණා | වදනින් |
| 6. | අගරජ සුරරජ මුනිරජ | වදනින් |
| | මුතුහර හෙළදම් දම්රජ | වදනින් |
| | උරදා නේ නය මුනිසුත | වදනින් |
| | සිළුමිණි සිතුමිණි තිසරණ | වදනින් |
| 7. | ස්‍වස්ති විභූෂණ කමලා | වදනින් |
| | සිද්ධමලංකෘත විමලා | වදනින් |
| | අතුලිත මුනිවර චරණා | වදනින් |
| | ආභා භාසුර කිරණා | වදනින් |
| 8. | ඉහකුල පූජිත චරණා | වදනින් |
| | ඊශ නිශාකර බරණා | වදනින් |
| | උමා වධූපති මහිමා | වදනින් |
| | ඌරු මනෝහර ජඞ්ඝා | වදනින් |
| 9. | සෘණජ නයනා මෘතයා | වදනින් |
| | සෲ කල්පායන කිරණා | වදනින් |
| | ඏකුල සන්තති භුවනා | වදනින් |
| | ඐ මහීපති මහිමා | වදනින් |
| 10. | එක බාහුබල ජිතයා | වදනින් |
| | ඓරාවන පූජිතයා | වදනින් |
| | ඔෂ්ට්‍ර මනොහර ජඞ්ඝා | වදනින් |
| | ඖපගවස්වී කෘතයා | වදනින් |
| 11. | ආංම්‍රෙඩිත විධි කුසලා | වදනින් |
| | අඃ කී අක්‍ෂර ෂොඩශ | වදනින් |
| | සිද්ධම් වේවා ගණපති | වදනින් |
| | අස්තු නමො ජන තිලකා | වදනින් |
| 12. | කඛගඝඞා චඡජඣඤා | වදනින් |
| | ටඨඩඪණා තථදධනා | වදනින් |
| | පඵබභමා යරලව ශෂ | වදනින් |
| | සහළා අං ඉති සිද්ධිරස්තු | වදනින් |
| 13. | අවන පටන් අඃ වන්නට | වදනින් |
| | දැනෙන සොළස පෙර සොරකුරු | වදනින් |
| | කයන එපස් වග යානව | වදනින් |
| | මෙවන සුතිස් දනු හසකුරු | වදනින් |
| 14. | එක්සොර පස්වග යරලව | සතරා |
| | ශෂ සහ එකකුරු ළයනෙක | අකුරා |
| | සුරුවත් සමහරු නොදනිති | ඉඳුරා |
| | සෝඩියෙ බරකුරු දැනගන් | සපුරා |
| 15. | කණ්ඨජ සත අහ කවගය | වදනින් |
| | තාලුජ සත ඉය චවගය | වදනින් |
| | මුර්ධජ සත රළ ටවගය | වදනින් |
| | දන්තජ සත ලස තවගය | වදනින් |
| 16. | ඔෂ්ඨජ සය ඌ පවගය | වදනින් |
| | තාලුජ කණ්ඨජ ඒකුරු | වදනින් |
| | කණ්ඨජ ඔෂ්ඨජ ඕකුරු | වදනින් |
| | දන්තජ ඔෂ්ඨජ වෝකුරු | වදනින් |
| 17. | මුදුනය දසනය උපදින | කුරටා |
| | යෙදු තාලුජය ද සෙසුකුරු | වලටා |
| | ලදු අග මැද දිව දුනු තැන් | ලෙසටා |
| | හඳුනව කරණය කී ලෙස | කුරටා |
| 18. | මේ ලෙස කුරු උපදින තැන් | දනුවා |
| | ආ ලෙස අකුරට කරණය | දනුවා |
| | වූ ලෙස ඒකජ ද්විජකුරු | දනුවා |
| | කී ලෙස ගරුකය ලහුකය | දනුවා |
| 19. | එක්වූ අකුරට පෙරකුරු | නිතිනා |
| | වක්වූ ගුරු දිගු බව යයි | දැනෙනා |
| | දික්වූ නොම වණ සිටි එක | මතිනා |
| | දැක්වූ පෙර ඉසි ලුහු යයි | දැනෙනා |
| 20. | එකමත ලුහු යැයි දැනකි | යමින්නේ |
| | යුගමත දිගු යැයි ගුරු | පවසන්නේ |
| | වෙනමත තුනෙකින් පුලුත | කියන්නේ |
| | අඩමත දැනගන් | හසකුරයන්නේ |
| 21. | අවණය ආදී ඒකජ | අකුරු |
| | එවණය ඈ දනු ද්විජ නම් | අකුරු |
| | දෙවන කවග සහ ලහුකය | අකුරු |
| | එයිනැර සෙසුකුරු ගරුකය | අකුරු |
| 22. | ගනිමින් පස්වග පළමු දෙවන | කුර |
| | සමගින් සවණ ද අගොසය කිවු | පෙර |
| | ළයනන් තව සෙසු කුරු නම් | ගොසකුර |
| | දැනගන් මේ ලෙස සෝඩියෙ | දෙයකුර |
| 23. | ගොසකුරු නොම ගොසකුරු යන | දෙවගෙකි |
| | තොස වන දනිතය සිතිලය | දෙවගෙකි |
| | නිසසය නිසිතය යන කුරු | දෙවගෙකි |
| | බස පෙර ඇත සෝඩියෙ කරු | දෙවගෙකි |
| 24. | පස්වග යුගසිවු දනිතය | දන්නේ |
| | එමවග වල එක තුන | පවසන්නේ |
| | නොවළඟ සිතිලය දැන | කියමින්නේ |
| | මෙමවග කුරු පෙළ තෝරා | දෙන්නේ |
| 25. | සිතරා එක්කට යාදී | නවකුරු |
| | නොහැරා දනු එක් පාදී | පසකුරු |
| | විතරා සොර එක් එක් සුන් | දෙයකුරු |
| | සපුරා දැනගන් සෝඩියේ | සිවුකුරු |
| 26. | පණසෙක සොර සහ හස | දෙවගින්නේ |
| | එහි එක එක හසකුර | සදමින්නේ |
| | සොළසෙක සොර ලූ කල | ගණනින්නේ |
| | නොව සැක පන්සිය සැටකුරු | දන්නේ |
| 27. | සෝඩියෙ සූතිස් පිල්ලම | කාදී |
| | ලූ කල සොරයන් සොළසද | ආදී |
| | ගණනින් පන්සිය සැටෙකින් | සුසැදී |
| | අකුරෙන් සතළිස් සතරක් | බේදී |
| 28. | පෙර හස පරසොර සද නොව | වෙනසක් |
| | කර වියරණ විදි දැන ඇති | විලසක් |
| | කුරු හස එකකට වැඩිවිය | සොළසක් |
| | තිර කුරු මඟ දැනුමට වැනි | දිවැසක් |
| 29. | සෝඩිය පටන් ගෙන වන පොත් කරව | දැනා |
| | පිල්ලම් කියා හල්පිල් අකුරු | දැනගෙනා |
| | ලියා අකුරු වැල්ලේ ගෙඩි නොකා | දැනා |
| | ඇණවුම් සකස් කඩ සකසේ ඉගෙන | ගෙනා |
| 30. | තුබු තැනෙක සොර සතුරන් ගත | නෙහෙනා |
| | එසැඩ මනාවත් වතුරෙන් වළ | නොයනා |
| | කෝප වුවත් රජ මැතිඳුන් ගත | නොහෙනා |
| | උගත මනා සිල්පය මැයි මතු | රැකෙනා |
| 31. | අල්ලට සිඟාවත් රසනැති කැවිලි | කකා |
| | වල් කොළ බිම අතුට නිදි නොලැබ | දුක්තකා |
| | කල් ගිය රෙදි වැරැළි ඇඳ දැලි කුණෙන් | වකා |
| | ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ | තකා |
| 32. | බසේ මියුරු තෙපලති දෙගුරු | සවනතේ |
| | ඇසේ කඳුලු අකුරට ගිය කලට | ගතේ |
| | කසේ සැමිටි වේවැල් ඉරටු ගෙන | අතේ |
| | දසේ පසේ ගෙඩි දෙති පිටට එක | රතේ |
| 33. | වේවැල් කෝටු නාරං සියඹලා | අතු |
| | කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය | අතු |
| | මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑ | යුතු |
| | පමා නොවී එමි අකුරට මෙයින් | මතු |
| 34. | පොල් ඉරටේ අණ තදකර | ගතිම්මා |
| | ඉන් ඔළ මොළ කමකට සිත | නොලම්මා |
| | දැන් නිසල ව ඉඳ අකුරුත් | කියම්මා |
| | ඉන් අප දඟ ගෙයක ලූ දෑය | අම්මා |
| 35. | අම්මොයි කියා ගෑ සියොලඟ තෙල් | රුවට |
| | යම්මොයි කියා යති අකුරට ගුරුන් | ගෙට |
| | බම්මොයි කියා බස් තෙපලති විටින් | විට |
| | අම්මොයි කිය කීවත් ගුරු දෙතෙයි | බැට |
| 36. | රුප්පා වල ඉඳ කෙළිනා දවස් | දැඩී |
| | තැප්පා සේම ගිනි උයුලද්ද මැඩි | මැඩී |
| | අප්පා උකුළ ඉඳ තෙපලන බස්ම | දැඩී |
| | අප්පා බලා උන්නත් වළකීද | ගෙඩී |
| 37. | ගණදෙවි කෝවිල පිරිබඩ | ලන්නේ |
| | දත මැද පිරුවට ඇඳ | පේවෙන්නේ |
| | කළ කී දේ මට සාදා | දෙන්නේ |
| | පින් ඇති ගණදෙවි නුවණක් | දෙන්නේ |
| 38. | කිරි දී වෙඬරුද පස්ගෝ | රසිනා |
| | උඳු මුං තල මෑ කරලින් | සොබනා |
| | මේ නන් කැවුමෙන් නිති පුද | ලබනා |
| | දෙන් මට නුවණක් ගණපති | යෙහෙනා |
| 39. | අඹ දඹ ඇටඹ ද කරඹ ද | පුදමී |
| | හොලුපලු ලාලු ද ගිවුලු ද | පුදමී |
| | අතිරස අග්ගල අත්සුණු | පුදමී |
| | ගණදෙවි නුවණක් දෙනු පා | වඳිමී |
| 40. | පුදා විලඳ අතිරස කිරිබත් | සකුරු |
| | සදා මල් බුලත් පුවකුත් ලා | කපුරු |
| | විදා වතක් සොඳ අඳවා ගුරු | ඇදුරු |
| | මෙදා කළෝතින් වැඩවේ සව් | ඉසුරු |
| 41. | පුදමි මම් ඔබට පස් පඬුරෙන්ම | සරා |
| | අඹ දඹ කෙසෙල් පලවැලයෙන්ම තුටු | පුරා |
| | ගොම පිරිබඩ මල් පහනින් ම සිත් | පුරා |
| | දෙවන් මට නුවණ ගණදෙවිඳු පින් | පුරා |
| 42. | වැඳලා දෙවියන් පොත | අරගන්නේ |
| | යැදලා ගුරුනුත් සිත නො | තලන්නේ |
| | සකලා සිල්පය මට | සෑදෙන්නේ |
| | දැකලා ගණදෙවි නුවණක් | දෙන්නේ |
| 43. | සොඳින් බැබලි ගජ මූණෙකි | පත්මේ |
| | තෙදින් විදුරු විත්නා | නුවණැත්මේ |
| | යෙහෙන් නැගුණු මීවාහන | යුත්මේ |
| | වඳම් එ ගණදෙවි සිරිපද | පත්මේ |
| 44. | සුදු දළ ගජ සොඬ මූණෙකි | පත්මේ |
| | සුදු මීයකු නැගෙමින් වැඩ | ගත්මේ |
| | සොඳ උමයංගන ඉසුරුගෙ | පුත්මේ |
| | වඳිමුව ගණදෙවි සිරිපද | පත්මේ |
| 45. | අකුළා ගෙන සොඬ ගජතකු | වැන්නේ |
| | නෙරවා කන් පොතු සුළු කුළු | වැන්නේ |
| | සියොලඟ ගෝමර මල්පෙති | වැන්නේ |
| | පින් ඇති ගණදෙවි නුවණක් | දෙන්නේ |
| 46. | අඹ ගෙඩියක් උදෙසා තම | චිත්තේ |
| | ලොබ කොට දිව ගොස් දළ බිඳ | ගත්තේ |
| | ඔබටම මම දැන් ගැතිවෙමි | නිත්තේ |
| | සුබ නුවණක් කිම දෙනවා | නැත්තේ |
| 47. | නුවණ මෙමට දෙන සොඳ | උමයංගා |
| | සිවුසැට බරණින් සැදි සිව | ලිංගා |
| | පුදමින් අත්සුණු ගෙන | ආලංගා |
| | දෙන් මට ගණදෙවි නුවණ | නොසංගා |
| 48. | පුරුදු කරනා සතනම | පුරුදූ |
| | පසිඳු නුවණක් ලබනට | එබඳූ |
| | ගිරිදු ඉසුරට දාකර | එවැදූ |
| | ගණිඳු සිරිපද නමදිම් | පසිඳූ |
| 49. | රන්වන් අංකුස සුරතින් ගත් | නිති |
| | බුන්දත් සිවු අත් ගජ මූණක් | ඇති |
| | තුන්නෙත් නන්දන කරවන | විකුමැති |
| | දෙන් දැන් නුවණක් ගණපති පින් | ඇති |
| 50. | මන් මද ගජකුඹු වත ඇත | දික්කළ |
| | පුන් සඳ මෙන් සිරි උදුල උපන් | කල |
| | කන් තළ මිණි රැස් ගණපති පින් | බල |
| | දෙන් මට නුවණක් සමුදුර මෙන් | රළ |
| 51. | මූෂක වාහන මොදක | හස්තම් |
| | චාමර කර්‍ණ විලම්බිත | සූත්රම් |
| | වාමන රූප මහෙශ්වර | පුත්රම් |
| | විඝ්න විනායක පාද | නමස්ත්වම් |
| 52. | අවනත සුරගණ විඝටිත | චරණම් |
| | ඝටතට විගලිත මදජල | මුදිතම් |
| | විකසිත කරරුහ කරතල | කමලම් |
| | ප්‍රණමිත ශිවසුත ගණපති | මභයම් |
| 53. | කුංකුම වර්‍ණ චතුර්භුජ | යුක්තම් |
| | නාග මුඛම් මකුටංකිත | ශුණ්ඩම් |
| | අංකුශ පාශක හස්ත | සුපාදම් |
| | වහ්නිදෘශං ගණනාථ | සුරූපම් |
| 54. | සූරිය කුල ඇති හිරු | දෙවියන්නේ |
| | පෑවිය අණසක ලොව | පවතින්නේ |
| | කාරිය සිතුවා සාදා | දෙන්නේ |
| | සූරිය දෙවියනි මා රැක | දෙන්නේ |
| 55. | බබළා උදය ගිරි මුදුනෙන් | වඩින්නේ |
| | නොවළා අඳුරු බිඳ ලොව එළි | කරන්නේ |
| | දැකලා සියලු රෝ දුක් දුරු | කරන්නේ |
| | මෙකලා සොඳින් හිරුදෙවි මා | රකින්නේ |
| 56. | සීතා පතිරජු මෙන් ගුණ | උත්තම |
| | බීතා ජනයන් දුරකර | සත්තම |
| | ඈතා පිරිපත හරිමින් | නිත්තම |
| | නාතා සාමිනි රකු මා | නිත්තම |
| 57. | මෙන්දිඩ ගිරි රද පිරිසිරි | ලත්තම |
| | තුන්තුඩ තුති යස ගොස කළ | නිත්තම |
| | මන්මැඩ මරු මතු බුදුවන | උත්තම |
| | සෙංකඩ ගල සුරිඳුන් වඳු | නිත්තම |
| 58. | ලොවසෙත් කරවන පත්තිනි | සඳිනේ |
| | සලඹත් අරගෙන සළු | සලවමිනේ |
| | වෙනසිත් නොසිතා මගෙ | ගුරුවරුවනේ |
| | නුවණත් ආසිරි දී මා | රකිනේ |
| 59. | මන් ලෙස නමදිම් සරණත කර | පෙම |
| | නන්යුරු රෝදුක් පිරිපත දුර | දම |
| | දැන් මෙ වදන් කවි කියමි බොලඳ | මම |
| | දෙන් මට නුවණක් සුරිඳු | කතරගම |
| 60. | මුහුදු අසල බඩ සුපිහිටි | එනුවරෙකී |
| | ඉස බැඳි ඔටුන්නෙන් සැදුණේ රජ | රුවෙකී |
| | දෙපා පියුම් පෙති සුරත ද රනෙන් | වැකී |
| | ඇඳින ගොසින් වඳු දෙව්රජ මේ | ලෙසකී |
| 61. | තැඹිලි තඹුනෙල් නවසි බෝදිලි තල් කිතුල් ඉඳි කැන් | මනා |
| | ලේනතැරි දෝතලු පුවක් වලු කදලි සුවඳෙල් | සමගිනා |
| | ලබු පුසුල් නාරං දොඩම් අඹ රසැති වැල වරකා | ගෙනා |
| | තෙදැති ගණපති නුවණ දෙන් මට පුදමි මේ හැම | සිතුමෙනා |
| 62. | තානු තරුණ අරුණ කිරණ බරණින් සැදි | තේජනේ |
| | බානු අසුර අසුරන් යුද ඔදවැඩි ගිරි | රාජනේ |
| | මූණු සයෙකි අත් දොළසෙකි මයුරා පිට | වාහනේ |
| | රූණු රටේ පිහිටි කන්ද කදිර දේව | රාජනේ |
| 63. | බලවර්දන තුඟු පාබල සිරිනුත් ගිරි | රාජනේ |
| | නැගිදුර්ජන අසුරන් දප බිඳහැරි සිහ | රාජනේ |
| | තොසවර්දන මූණු සයෙකි නැගි සිකිනිඳු | වාහනේ |
| | ජයවර්දන නුවර පිහිටි කදිර දේව | රාජනේ |
| 64. | සිද්ද රන්දුනු තදව ගනිමින් එරන් හීයක් | අරගෙනා |
| | සද්ද වූ ලෙස ගොසය කරවා මඟුල් පෙරහැරයෙන් | යනා |
| | යුද්ද වන් තද රොසින් දස හිස් රාවනා බිඳ | ජයගෙනා |
| | ඇද්ද තව මට වෙනින් පිහිටෙක් කතරගම සුරිඳුන් | විනා |
| 65. | කතරගම පුර පවර යස තෙද විහිදුවන | දිවයුරාණන් |
| | සකල සිරිලක දෙව් නරන් හට පැවත එන සොමි | සඳාණන් |
| | පඳුරුලන කෙතැ ගොයම් විලසට නුවණ මට දෙන | රජාණන් |
| | රුදුරු රිපඳුරු පදට ගුරු මට කතරගම දෙව් | රජාණන් |
| 66. | කදිරනේ නෙක බරණිනේ නිති සැරසුණේ පිරි | තෙදණිනේ |
| | කළරනේ මිණි දුනු ගෙනේ අත පොළමිනේ විදුලිය | මෙනේ |
| | විදිරනේ සැර එකතිනේ සැඩ අසුරනේ දප | මඩිමිනේ |
| | කදිරනේ දෙවි උතුමනේ සව්සිරි දෙනේ රකු මා | දැනේ |
| 67. | කතරනේ රුව බබළමින් සිටි සූසැට බරණින් | සිරිසරා |
| | අතරනේ දුහු රැගෙන නිතියෙන් මයුරා වාහනයට | අරා |
| | කොත රනේ රන් මාලිගාවට වැඩම කරවා | විසිතුරා |
| | කතරනේ දෙවි උතුමනේ මට නුවණ ගෙනදෙන් | පින්පුරා |
| 68. | රූණු රට කදිරාපුරාදිප මූණුසය ඇති දෙවි | රජාණනි |
| | ආනුබාවෙන් මෙමට නෙ සතර සිද්ද කර දෙන | සමුදුරාණනි |
| | බානු තෙදපල සව්සතුන් හට එළිය කර දෙන සොමි | සඳාණනි |
| | දී නුවණ සිරි දිනෙන් දින රකු කතරගම පුර දෙවි | රජාණනි |
| 69. | සයුර මෙන් රළ නෙපුද පෙරහර ඉසුරුවන විමනේ | සුරන් |
| | පතුරවන තද තෙදින් අදිපති මෙසිරිලක හිමි දෙවි | නරන් |
| | නිතර සෙත්කොට බලා දිවැසින් නොයෙක් රෝදුක් දුරු | කරන් |
| | පතර යසසිරි නුවණ දෙන් මට කදිර සුරිඳුනි සුර | වරන් |
| 70. | ඈත කප් කෙළ ගණන් බුදුබව පතා විවරණ ලදින් | සහතුට |
| | වීත රාගත් රිද්දි නුවණත් ආයුවර්ධන කරන | හැමවිට |
| | පාත තොටගමු විහාරේ වැඩ සිටින දෙවියනි දහම් | සිහිකොට |
| | දෝත මුදුනේ තබා වඳිනෙමි නාත දෙව්රජ නුවණ දෙන් | මට |
| 71. | සිද්ද කිහිරැළි සමන් බොක්සැල් විභීෂණ සිවුවරම් | රජපති |
| | සිද්ද මහබඹ සක්ද ඉසිවර කතරගම දෙවියනුත් | සිතරුති |
| | සිද්ද පත්තිනි දොළහ දෙවියෝ භද්‍රකාලී දේවි | ගණපති |
| | සිද්ද සිරිලක මෙහැම දෙවියෝ මෙමට ආසිරි දිගා දෙන් | නිති |
| 72. | දලුත් දිමුතු රිවි මෙන් තද තෙද පරසිදු සක්වල | වට |
| | මලුත් පහන් සමග පඬුරු පුද ලැබ වැජඹෙන | සහතුට |
| | නිලුත් රතිනි සුදින් දිලෙන රන්කොත් කැලුමෙන් | හැමවිට |
| | අළුත් නුවර පුල්වන් දෙවි රජුනි නුවණ දෙවන් | මෙමට |
| 73. | තුන්තරා වැඩි මුනිඳු ගඟපැන් සනහමින් වැඩි | කැළණියේ |
| | ගංතෙරා සළ වීදි දෙපසේ පිළිම ගෙවලින් | ගිගිණියේ |
| | ඉන් පුරා ලූ දාතු දාකුස දාගැබින් සිරි | පැමිණියේ |
| | පින්පුරා ඔබ වෙහෙර වැන්දෙමි නුවණ දෙන් දෙවි | කැළණියේ |
| 74. | සතත හරි හර විතන මුනි යුධ මෙඛලා ගිරි | ශොභනම් |
| | සවත ශිව ශිව රූප නිර්මල වහ්නිසඤ්චය | සන්නිභම් |
| | උභය රවි කුල මේරූ සිංහල ධාර නිර්මිත | ධාරණම් |
| | ධරති ධර ධර භවති භව භව නාරසිහ රජ | නාරණම් |
|